Quick contact info

icon_widget_image Monday-Friday: 8am to 5.30pm; Sat - Sun: Closed icon_widget_image 85/2 Ambaraluwa North, Weliweriya, Gampaha, Sri Lanka. icon_widget_image (+94) 033 4 37 37 37 (+94) 070 5 961 946 icon_widget_image info@dcconstructions.lk

dcconstructions.lk

Luxury පොළොවකට හැමෝගෙම තේරීම ටයිටේනියම්

තද ලෝහ අතරෙන් එකක් වන ටයිටේනියම් සුදු පැහැති කුඩක් වන අතර ඇදෙන සුළු ගතියෙන් යුක්තය. මේ හේතුවෙන්  ටයිටේනියම් වර්තමානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුලභව භාවිත වන අමුද්‍රව්‍යයක් බවට පත් වී ඇත. වර්තමානයේ ඉදිකිරීම් කටයුතු සඳහා ටයිල් භාවිතා කිරීමේ දී සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා ටයිටේනියම් භාවිතයට නැඹුරු වීමක්  දක්නට ලැබේ.

ටයිල් පරණ වීම, කාලයෙන් කාලයට නැවත නැවත මාරු කිරීමට සිදු වීම,  කල් පැවැත්මෙන් අඩුවීම ආදී හේතුන් නිසා වැයවන පිරිවැය අවම කර ගනිමින්  ඔබටත්  ශක්තිමත් හා උසස් තත්ත්වයෙන් ටයිල් වලට සමානවම ගොඩනැගිලි අලංකාර කර ගැනීමට ටයිටේනියම් භාවිතයෙන් හැකිය .

ටයිටේනියම් ඉරි තැලෙන බව බොහොමයකගේ අදහසයි. ඒ නිසා ඔබත් ටයිටේනියම් භාවිතයට අකමැත්තක්, මැලිවීමක් දක්වනවද? එසේ ඉරි තැලීමට හේතු වන්නේ ටයිටේනියම් වලට සිමෙන්ති එක් කිරීම,කපරාරුව බොල් වීම,ලේයරය දමා පැය 24ක් නොතිබීම වැනි හේතූන්ය. නමුත් නිසි ක්‍රමවේද අනුව කළහොත්  ටයිටේනියම් යනු ටයිල් වලට වඩා හොඳ ඉදිකිරීම් අමුද්‍රව්‍යයකි. අද වන විට හොඳ ඉල්ලුමක්, වෙළඳපොලක් පවතින ටයිටේනියම්  දැන් වර්ණ හා මොස්තර රැසකින් ලබා ගත හැකියි.

ටයිටේනියම් භාවිතයේ වාසි,

  • ටයිල් ඇතුළු අනෙකුත් සේවාවන් සදහා මෙන් අධික වියදමක් වැය නොවන ක්‍රමයක් වීම .
  • ටයිල් නැවත අලුතෙන් මාරු කළ යුතු වුවද ටයිල් වලට වඩා කල් පැවැත්මෙන් වැඩි ටයිටේනියම් ලේයර් යෙදීමෙන් පසුව පෙර තිබූ තත්ත්වයටම ලබාගත හැකිය .පැරණි වූ පසු නැවත පොලිශ් කිරීමට අවශ්‍ය නොවන මැට් ලේයර් එකක් ලෙසත් , එසේ නැතිනම් නැවත පොලිශ් කිරීමට අවශ්‍ය සුපර් ග්ලොස් ලේයර් එකක් ලෙසත් යන දෙයාකාරයටම  නිම කර සුමට මතුපිටක් ලබා ගත හැකි වීම .
  • ටයිටේනියම් ශක්තිමත් බවින් වැඩි නිසා 8 mm – 10 mm පමණ ලේයර් එකක් ප්‍රමාණවත් ඒ නිසා ගොඩනැගිල්ලට ඇති වන පීඩනය හා බර අවම වීම .
  • කෙටි කලකින් ඉදි කිරීම අවසන් කළ හැකි වීම .
  • ශක්තිමත් හා ස්වභාවික පෙනුමක් ලබා ගත හැකි වීම.
  • පොළව බොල් නො වීම.
  • පෘෂ්ඨයට ජලය උරා ගැනීමක් සිදු නො වීම.
  • දිගු කල් පැවැත්ම.

ඔබට අවශ්ය සියලුම ටයිටේනියම් ඉදි කිරීම් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සහය ලබා ගන්න අදම  DC Construction ආයතනය හා සම්බන්ධ වන්න .

Post a Comment