Quick contact info

icon_widget_image Monday-Friday: 8am to 5.30pm; Sat - Sun: Closed icon_widget_image 85/2 Ambaraluwa North, Weliweriya, Gampaha, Sri Lanka. icon_widget_image (+94) 033 4 37 37 37 (+94) 070 5 961 946 icon_widget_image info@dcconstructions.lk

dcconstructions.lk

බාත්රූම් වලට ටයිටේනියම් කරන්න පුලුවන්ද?

බාත්රූම් වලට ටයිටේනියම් කරන්න පුලුවන්ද?

බාත්රූම් එක ටයිටේනියම් කිරීම සුදුසුද?
කල්පැවැත්ම කොහොමද?
මේ වගේ ගොඩක් ප්‍රශ්න අපෙන් නිතරම වගේ අහනවා.

මේ හැම ප්‍රශ්නයකම උත්තරේ නම්… ඔව්…!
බාත්රූම් එකට ටයිටේනියම් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කල්පැවැත්ම අතින් ටයිටෙනියම් ඉහළින්ම ඉන්නවා.

අද වෙනකොට Luxury hotels, Apartments වල බාත්රූම් වලට ටයිල් වලට වඩා ටයිටේනියම් භාවිතා කිරීම ඉතාමත් ජනප්‍රියයි. එයට හේතුව ටයිටේනියම් වල පවතින ස්වභාවික පෙනුම, ආකර්ෂණීය බව හා කල්පවැත්මයි.

හෝටල් වල වගේම නිවාස වල බාත්රූම් සඳහාත් ටයිටේනියම් කිරීම අද වන විට Trend එකක් බවට පත්ව තිබෙනවා.
හෝටල්, නිවාස, කාර්යාල ,ව්‍යාපාරික ස්ථාන වල බාත්රූම් සඳහා ටයිටේනියම් භාවිතා කිරීම ඉතා උචිතයි වගේම ටයිටේනියම් කිරීමෙන් මිලෙනුත් ලොකු ඉතුරුවක් ඔබට ලබාගන්න පුළුවන්.

එසේම බාත්රූම් එක ටයිටේනියම් කලොත් ඔබට Waterproofing වලට යන වියදමත් ඉතුරු කරගන්න පුළුවන්. ටයිටේනියම්
ජල කාන්දුවීම් වලින් තොරයි. දිලීර, පුස්, සෙවල බැඳීම සිදුවන්නේ නැහැ. එවගේම Grove නැති නිසා කුණු, දුවිලි රැදෙන්නේ නැහැ. ටයිල් වගේ ලිස්සා යාමෙන්ද තොරයි.

අලුත් බාත්රූම් එකකට වගේම ටයිල් කරපු එහෙමත් නැත්නම් සුද මැදපු බාත්රූම් එකකට වුණත් ටයිටේනියම් කරන්න පුළුවන්. ඒකට ටයිල් ගලවන්න, නැවත කපරාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

බාත්රූම් එකේ පොළොව, බිත්ති වගේම bathtub, wash basin table වගේ ඒවත් දැන් ටයිටේනියම් වලින්ම කරන්න පුළුවන්කම තියෙනවා.

ඔබට අවශ්‍ය සියලුම ටයිටේනියම් ඉදි කිරීම් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සහය ලබා ගන්න.
අදම DC Constructions ආයතනය හා සම්බන්ධ වන්න .

Post a Comment