
නුවරඑළියට ටයිටේනියම් අකැපද?
නුවරඑළියට ටයිටේනියම් කරන්න බැරිද?
ගොඩ දෙනෙක් හිතනවා නුවරඑළියට ටයිටේනියම් කරන්න බෑ. ඒ ප්‍රදේශයේ තියන සීතල දේශගුණයත් එක්ක ටයිටේනියම් හරියන එකක් නෑ කියලා.
එහෙම හිතන නිසා ගොඩ දෙනෙක් කොයි තරම් කැමති වුණත් නුවරඑළියේ ටයිටේනියම් කරන්න බයයි.
ටයිටේනියම් නුවරඑළියට ඔරොත්තු දෙන්නේ නැති ක්‍රමයක්, පොළොවේ නිතර පවතින තෙත ස්වභාවය නිසා ලිස්සීම්, දිය සෙවල ,පාසි බැඳීම සිදුවෙයි. සීතල වැඩි නිසා ටයිටේනියම් පොළොව පුපුරයි වගේ දේවල් හිතන්න බොහෝ දෙනෙක් පෙළඹිලා තියෙනවා.
ඒත් හරි විදිහට ටයිටේනියම් කළොත් එවැනි අනිසි බියක් ඇතිකරගත යුතු වන්නේ නැහැ.
ටයිටේනියම් පොළොව ලිස්සීම් වලට හොඳින් ඔරොත්තු දෙන ක්‍රමවේදයක්.
ටයිටේනියම් පොළොවක් ලිස්සන්නේ එහි අවසන් ස්ථරය වශයෙන් Vax ආලේප කළහොත් පමණයි. Vax කිරීමෙන් ටයිටේනියම් පොළොවට දිළිසෙන මතුපිටක් ලැබුණද, එය අනිවාර්යෙන්ම ලිස්සා යාම සිදුවේ.
නමුත් ටයිටේනියම් කිරීමේදී අවසන් ස්ථරය සඳහා Top Coat එකක්, Resin එකක් භාවිතා කරන්නේ නම් ටයිටේනියම් පොළොවක් කිසිම අවස්ථාවක ලිස්සා යෑමකට ලක්වීමක් සිදු නොවේ.
නියමිත අනුපාතයන්ට අනුව ටයිටේනියම් සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිශ්‍ර නොකළ ටයිටේනියම් පොළොවක් නම්,
එය මොන ප්‍රදේශයක වුණත් දිය සෙවල, පාසි, දිලීර, පුස් බැඳීම අනිවාර්යයෙන් සිදුවෙනවා.
නිවැරදි ප්‍රමිතියක් සහිත අමුද්‍රව්‍ය අදාළ අනුපාතයන්ට අනුව මිශ්‍ර කර ටයිටේනියම් කරන ලද පොළොවක දිය සෙවල, පාසි, දිලීර, පුස් බැඳීම සිදුවන්නේ නැහැ.
අධික සීතල නිසා ටයිටේනියම් පොළොව පුපුරයි කියලා බොහෝ දෙනෙක් සිතනවා. නමුත් හරි විදිහට ටයිටේනියම් කරනවා නම් එහෙම පුපුරන්නේ නැතුව ටයිටේනියම් කරන්න පුළුවන්.
ටයිටේනියම් ඩයොක්සයිඩ් වලින් විතරක් ටයිටේනියම් පොළොවක් කරන්න බැහැ. ටයිටේනියම් වල ශක්තිමත් බව ලැබෙන්න නම් අදාළ අනුපාතයන්ට අනුව පොලිමර්, හාඩ්නර් ගම්, සිමෙන්ති එක් කිරීම අවශ්‍යයි. පුපුරන්නේ නැතුව හරියටම ටයිටේනියම් කරගන්න නම්,
මේ සියල්ලම නිවැරදි අනුපාතයන්ට අනුව යොදාගෙන ටයිටේනියම් කිරීම වැදගත්.
එමඟින් කල්පවතින ටයිටේනියම් පොළොවක් ලබාගන්න පුළුවන්.
වැදගත්ම කරුණ නම්, තෙතමනයට හා රසායනික ද්‍රව්‍ය වලට ඔරොත්තුදීම ටයිටේනියම් පොළොවක සුවිශේෂී ලක්ෂණය වීමයි.
ඒ නිසා නිසි පරිදි ටයිටේනියම් කල පොළවක් නම් පුපුරයි කියලා අනිසි බියක් ඇති කරගැනීම අවශ්‍ය වන්නේ නැහැ.
ටයිටේනියම් පොළොව ලිස්සීම් වලින් තොරයි වගේම සෞඛ්‍යාරක්ෂිතයි. දියසෙවල, පාසි බැඳීමක් සිදුවෙන්නේ නැහැ.
ඒ වගේම ටයිටේනියම් වල පවතින ජල ප්‍රතිරෝධී ගුණය හේතුවෙන් ටයිටේනියම් කළ පසුව නැවත waterproofing කිරීමට ද අවශ්‍ය වන්නේද නැහැ.
වගකීමක් සහිත ප්‍රමිතිගත අමුද්‍රව්‍ය භාවිතා කරන, හරියටම ටයිටේනියම් කරන ආයතනයකින් ටයිටේනියම් කරගත්තොත්, එවැනි කිසිඳු ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ.
ඔබට අවශ්‍ය සියලුම ටයිටේනියම් ඉදි කිරීම් සඳහා ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සහය ලබා ගන්න.
අදම DC Constructions ආයතනය හා සම්බන්ධවන්න .