
අලුත්ම TREND එක දැන් HOTEL වලටත්
නව තාක්ෂණික ක්රමයන් ට අනුගත වෙමින්, සරලත්වය වෙත අවධානය යොමුව, ඉදිකරනු ලබන පැරණි ස්වරූපයේ ගොඩනැගිලි නිර්මාණයන් සඳහා වර්තමානයේ පවතින්නේ වැඩි ඉල්ලුමකි.
වත්මන් හෝටල් හා ඉදිකිරීම් ක්ෂේත්රය තුළ Clayhouse (mud house) සහ Eco lodge වැනි පැරණි ස්වරූපය ගත් සරල ගොඩනැගිලි අතිශය ජනප්‍රිය වී තිබේ.
මැතක් වනතුරුම මෙම ගොඩනැගිලි නිර්මාණය සදහා භාවිත කළ ප්‍රධාන අමුද්‍රව්‍ය වූයේ මැටිය.
එසේ වුවද වර්තමානයේදී මැටිවලට වඩා “Green environmental protection material” හෙවත් ටයිටේනියම් එම ගොඩනැගිලි ඉදිකිරීම සදහා ඉතා උචිතම අමුද්‍රව්‍යය බවට පත් වී ඇත.
පෘථිවි පෘෂ්ඨයෙන් බහුලව හමුවන ලෝහ අතරින් සිව්වන ලෝහය වන්නේ ටයිටේනියම් ය. ඉදිකරීම් ක්ෂේත්රය සීඝ්රයෙන් ආක්‍රමණය කිරීමට ටයිටේනියම් සමත් වන්නේ එහි ඇති සුවිශේෂී ගුණාංග හේතුවෙනි.
- දිගු කල්පැවැත්ම.
- ජලයට ප්‍රතිරෝධී වීම
- සැහැල්ලු ලෝහයක් වීම.
- ශක්තිමත් බව.
- ගොඩනැගිල්ලේ බර 70% -75% ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීම.
- නිතර නඩත්තු කිරීමට අවශ්‍ය නොවීම.
- විඛාදන ප්‍රතිරෝධී ද්‍රව්‍යයක් වීම.
උක්ත ශක්‍යතාවන් හේතුවෙන් ටයිටේනියම් වර්තමාන ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්රයේ භාවිතවන හොඳම අමුද්‍රව්‍ය බවට පත්ව ඇත.
Clayhouse (mud house) සහ Eco lodge වැනි පැරණි ස්වරූපය ගත් සරල ගොඩනැගිලි සඳහා මැටිවලට වඩා ටයිටේනියම් උචිත වීමට බලපෑ හේතූන් පහත පරිදි ගොනු කළ හැකිය.
- ස්වභාවික මැටි වර්ණය හා පෙනුම එලෙසින්ම ලබාගත හැකි වීම.
- මැටිවලට වඩා දිගුකාලීන කල් පැවැත්මකින් යුක්ත වීම.
- මැටිවලට වඩාශක්තිමත් බවින් වැඩි වීම.
- පෘෂ්ඨයට ජලය උරා ගැනීමක් සිදු නොවීම.
- දියාරු නොවී ඉහළ උෂ්ණත්ව වලදී වුවද නොනැසී පැවැතීම.
- නිසි ප්‍රමිතියෙන් කළ විට පිපිරීම් ඉරිතැලීම් රහිත වීම.
- මැටිවලට වඩා සුමට ගොඩනැගිල්ලක් ලබාගත හැකි වීම.
- ටයිල් මෙන්ම පහසුවෙන් පිරිසිදු කිරීමේ හැකියාව.
මැටි හා සමාන ස්වාභාවික නිමාවක් සහිත ආකර්ෂණීය නිර්මාණයක් සඳහා මැටිවලට වඩා ශක්තිමත් ටයිටේනියම් අද දින වන විට වඩාත් කරළියට පැමිණ ඇත්තේ එබැවිණි.