
ඇත්තටම ටයිටේනියම් වල වංචාවක් වෙනවාද?
ටයිටේනියම් කරන මුවාවෙන් වංචා සිදුකර පාරිභෝගිකයන් රවටන බොහෝ පිරිසක් සිටිනවා.
එවැනි සිදුවීම් වලට මුහුණ දුන් බොහෝ දෙනෙක් එම අත්දැකීම් හා සිදුවීම් පිළිබඳව Facebook හි පලකර තිබෙනු ඔබත් දැක ඇති.
එම සිදුවීම් දකින ටයිටේනියම් කිරීමට බලාපොරොත්තු වන බොහෝ පිරිස් ඒ නිසා යම් තිගැස්මකට ලක්වීමට පුලුවන්.
ටයිටේනියම් කිරීමේදී සමහර අවස්ථාවල පහත වංචා සිදුවන බවට කතාබහක් පවතී.
ඒවායින් කිහිපයක් නම්,
▪︎ මූලික ගෙවීම් කළ මුදල රැගෙන පලායෑම.
▪︎ බාල අමුද්‍රව්‍ය භාවිතා කර ටයිටේනියම් කිරීම.
▪︎ අඩු මුදලකට ව්‍යාපෘතිය ලබාගෙන ටයිටේනියම් layers ප්‍රමාණය අඩු කර ටයිටේනියම් කිරීම.
▪︎ වගකීම් කාලයක් දෙන බව පැවසුවද වගකීමක් ලබා නොදීම.
ආදිය දැක්විය හැකිය.
මෙවැනි වංචනික ක්‍රියා මඟින් පාරිභෝගිකයන් රැවටූ අවස්ථා බොහොමයක් අපටද වාර්තා වී ඇත.
මෙම සිදුවීම් පිළිබඳව සොයාබැලීමේදී පැහැදිලිවන්නේ, බොහෝ අවස්ථා වල මෙවැනි වංචනික ක්‍රියාවන් සිදුකර ඇත්තේ ක්ෂේත්රයේ පිළිගැනීමක් සහිත ආයතන වලින් නොවන බවයි.
එම නිසා ඔබත් ඔබේ ටයිටේනියම් කටයුතු භාරදීමට පෙර එම ආයතන පිළිබඳ සොයා බැලීම වැදගත්ය.
විශේෂයෙන්ම ඔබ ටයිටේනියම් කිරීමට තෝරාගන්නා ආයතනයේ පහත කරුණු පිළිබඳ සැලකිලිමත්වීම වැදගත්ය.
එනම්,
》 පිළිගත් ආයතනයක් වීම.
》 වෙබ් අඩවියක් පැවතීම.
》 නිතර යාවත්කාලීන වන Facebook පිටුවක් තිබීම.
》 වගකීමක් ලබාදීම.
》 භාවිතා කරන අමුද්‍රව්‍ය පිළිබඳ දැනුවත් වීම.
》 ක්ෂේත්රයේ පළපුරුද්ද.
මෙවැනි කරුණු පිළිබඳ සැලකිලිමත් වී ඔබේ ටයිටේනියම් කිරීමේ කටයුතු වංචාවකට හසුනොවී සිදු කරගත හැකිය.
වංචාවන්ට හසුනොවී ඔබේ ටයිටේනියම් කටයුතු සිදු කරගනීමට නම් උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කරන, නියමිත layers ප්‍රමාණයක් අලේප කරන, වගකීම් කාලය තුළද පාරිභෝගිකයන්ට නිසි සේවාවක් ලබාදෙන, පළපුරුදු කාර්යමණ්ඩලයක් සහිත, සියලු කටයුතු නිතරම ඉංජිනේරු අධීක්ෂණය යටතේ සිදුවන මෙන්ම ක්ෂේත්රයේ දිගුකාලීන සේවාවක් සැපයූ DC Constructions අප ආයතනය සමඟ සම්බන්ධවන්න.